සීෂෙල්ස් රාජ්‍යයේ කර්මාන්ත කලාපයක සිදුවූ විශාල පිපිරීමකින් හා ගංවතුර තත්ත්වයක් හේතුවෙන් එහි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.
විදෙස් මාධ්‍ය වල දැක්වෙන්නේ ගල් කොරි අයත්, ඉදිකිරීම් සමාගමක් විසින් කන්ටේනර් 4ක ගබඩා කර තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් පුපුරා යාමෙන් අනතුරුව Mahé දිවයිනේ නැගෙනහිර වෙරළ තීරය දිගට ඇති වාණිජ ගොඩනැගිලි හා නිවාස රැසකට හානි සිදුව ඇති බවයි.
සිද්ධියෙන් පුද්ගලයන් රැසකට තුවාල සිදුවී ඇති බවත් ඇතැමුන් සිය නිවෙස් වලින් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම සිද්ධිය හේතුවෙන් සීෂෙල්ස් ජාත්‍යන්තර ගුවන්තොටුපලට ද හානි සිදුවී ඇති නමුත්, එහි මෙහෙයුම් තවදුරටත් සිදුකරන බවත්, දූපත් අතර බෝට්ටු සේවා ද පවත්වාගෙන යන බවත් එරට නිල X ගිණුමේ දැක්වේ.
මේ අතර, රාත්‍රියේ ඇති වූ අධික වර්ෂා හේතුවෙන් සීෂෙල්ස් රාජ්‍යයේ ස්ථාන රැසකින් ගංවතුර හා නායයාම් ද වාර්තා වී ඇති අතර, නිවෙස් විනාශ වූ පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇති බවද වාර්තා වේ.