ගින්නක් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ එංගලන්තයේ හීත්‍රෝ ගුවන්තොටුපොළේ ගුවන්ගමන් යළිත් ආරම්භ කර තිබේ.
එම ගුවන්තොටුපොළට විදුලිය සපයන විදුලි උපපොළක ඇති වූ විශාල ගින්නක් හේතුවෙන් ඊයේ (21) දවස පුරා මෙහි බහුතර ගුවන්ගමන් අත්හිටුවීමට එහි පරිපාලනය කටයුතු කර තිබුණි.
මේ හේතුවෙන් මගීන් 200,000කට පමණ බලපෑමක් සිදුවූ බව විදෙස් වාර්තා වල දැක්වේ.
එංගලන්තයේ ප්‍රධානම මෙන්ම විශාලම ගුවන්තොටුපොලේ මෙහෙයුම් අද දිනයේදී සම්පූර්ණ යථා ත්ත්වයට පත්වීමට නියමිතයි.