විදෙස්

අගමැති නරේන්ද්‍ර මෝදි සිංගප්පූරුවට

Published

on

අගමැති නරේන්ද්‍ර මෝදි දෙදින නිල සංචාරයක් සඳහා සිංගප්පූරුවට පැමිණ තිබේ.

ඒ සිංගප්පූරු අගමැති ලෝරන්ස් වොන්ග්ගේ ආරාධනයකට අනුවය.

බෲනායි සිට චන්ගයි ගුවන් තොටුපළ වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයාව සිංගප්පූරුවේ ඉන්දීය මහ කොමසාරිස් ශිල්පක් ඇම්බුලේ, ඉන්දියාවේ සිංගප්පූරු මහ කොමසාරිස් සයිමන් වොන්ග් ඇතුළු නිලධාරීන් විසින් පිළිගෙන තිබේ.

ඔහුගේ සංචාරය අතරතුර, අගමැති මෝදි සහ ලෝරන්ස් වොන්ග් ඉන්දියා-සිංගප්පූරු උපායමාර්ගික හවුල්කාරිත්වයේ ප්‍රගතිය සමාලෝචනය කිරීමට නියමිත අතර විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ නායකයින් කලාපීය සහ ගෝලීය ගැටළු පිළිබඳ අදහස් හුවමාරු කර ගනු ඇති බවය.

අගමැති මෝදි සිංගප්පූරු ජනාධිපති තර්මන් ෂන්මුගරත්නම් ද හමුවීමට නියමිත අතර සිංගප්පූරුවේ සිටන ව්‍යාපාරික ප්‍රධානීන් හමුවීමට ද නියමිතය.

සිංගප්පූරු සංචාරයට පෙර අගමැති මෝදි බෲනායි හි නිල සංචාරයක නිරත විය.

Trending

Exit mobile version