විදෙස්

ඉන්දුනීසියාවේ පළමු අධිවේගී දුම්රිය අද ඇරඹේ

Published

on

ඉන්දුනීසියාවේ පළමු අධිවේගී දුම්රිය අද (02) දිනයේදී එරට ජනපති ජෝකෝ විඩෝඩෝ විසින් විවෘත කර තිබේ.

චීන ජනපති ෂී ජින්පිං මහතාගේ සංකල්පයකට අනුව ඇරඹුනු එක් තීරයක් එක් මාවතක් වැඩසටහනේ ව්‍යාපෘතියක් ලෙස නිම වූ මෙහි වටිනාකම ඩොලර් බිලියන 7.3කි.

ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර හා එරට ප්‍රධාන ආර්ථික නගරයක් වන බන්දුං නගරය හා සම්බන්ධ වේ.

වූෂ් ලෙස නම් කර ඇති මෙම අධිවේගී දුම්රිය මගින් ඉන්දුනීසියාවේ දරුණු වාහන තදබදය අඩුකිරීමට මෙන්ම ආර්ථික ඵලදායිතාවය වැඩිකිරීමටත් එරට බලධාරීන් අරමුණු කරයි.

මෙම දුම්රිය සේවය, ඉන්දුනීසියාවේ රාජ්‍ය ආයතන 4කින් හා බීජිං හි චයිනා රේල්වේ ඉන්ටර්නැෂනල් සමාගමෙන් සැදුම්ලත් PT KCIC නම් හවුල් සමාගමක් මගින් ක්‍රියාත්මක කෙරේ.

වූෂ් අධිවේගී දුම්රිය නැගෙනහිර ජාවා පළාතේ ප්‍රධාන නගරය වන සුරබයා නගරය දක්වා දීර්ඝ කිරීමට සාකච්ඡා පැවැත්වේ.

Trending

Exit mobile version