ඊශ්‍රායල-ඉරාන ගැටුම අවසන් කිරීමේ ප්‍රයත්න වල කොටසක් ලෙස බ්‍රිතාන්‍යයේ, ප්‍රංශයේ සහ ජර්මනියේ විදේශ අමාත්‍යවරුන් අද (20) ජිනීවාහිදී ඉරාන විදේශ අමාත්‍යවරයා සමඟ හමුවීමට සූදානම් වන බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මෙම සාකච්ඡාව, ඉරාන – ඊශ්‍රායල ගැටුම් පසුගියදා ඇරඹීමෙන් අනතුරුව, බටහිර නායකයින් හා ඉරානය අතර පැවැත්වෙන පළමු සාකච්ඡාව ලෙස සැලකේ.
මේ අතර, ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ, ඇමෙරිකාව මෙම ගැටුම් වලට ඍජුව සම්බන්ධ වන්නේද යන්න පිළිබඳව ඉදිරි දෙසතිය තුළදී එරට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීන්දු කරනු ඇති බවයි.
ඊයේ දිනයේදීද ඊශ්‍රායලය හා ඉරානය අතර ගැටුම් තවදුරත් සිදුවිය.