විදෙස්

ඊශ්‍රායලය, සටන් විරාමයක් ගැන වාර්තා ප්‍රතික්ෂේප කරයි

Published

on

දකුණු ගාසා තීරයෙන් “විදේශිකයන්ට” පිටවීමටත් “මානුෂීය ආධාර” එතුළට ගෙන ඒම සඳහා සටන් විරාමයක් පිළිබඳ වාර්තා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

හමාස් සංවිධානයේ මාධ්‍ය කාර්යාලයේ ප්‍රධානියා ද පවසා ඇත්තේ දකුණු ගාසා තීරයේ මානුෂීය සටන් විරාමයක් සඳහා එකඟතාවක් ඇති කර ගැනීම පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති බවයි.

කෙසේවෙතත් මීට පෙර ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබුණේ ඊජිප්තු වේලාවෙන් පෙ.ව.09:00 සිට පැය කිහිපයක් පුරාවට රෆා දේශසීමාව විවෘත වනු ඇති බවයි. කෙසේවෙතත්, එය තවමත් විවෘත වී නැත.

ඊශ්‍රායලය විසින් එල්ල කරනු ඇතැයි අපේක්ෂිත තවත් ප්‍රහාරයකට පෙර ගාසා තීරයෙන් පිටවීමේ බලාපොරොත්තු සහිතව දහස් ගණන් ජනතාව රෆා දේශසීමාව ආසන්නයේ රැස්ව සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මීට සතියකට පෙර සිදුවූ හමාස් ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ 1,400කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර, ඊශ්‍රායලය විසින් පෙරළා එල්ල කරනු ලැබූ බෝම්බ ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයන් 2,700කට ආසන්න පිරිසක් මිය ගොස් තිබෙන බව ඒජන්සි වාර්තා වල දැක්වේ.

Trending

Exit mobile version