Connect with us

විදෙස්

ඕස්ට්‍රේලියාවට අලුතෙන් පැන්ඩාවුන් දෙන්න චීනය සූදානම්

Published

on

පැන්ඩා සංරක්ෂණය සඳහා ඕස්ට්‍රේලියාව හා සිදුකරන සහයෝගීතාවය තවදුරටත් දීර්ඝ කිරීමට චීනය සූදානම් බව චීන අගමැති ලී චියැං මහතා පවසයි.

මේ වන විට ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වන ඔහු, මේ බව පැවසුවේ ඇඩලේඩ් සත්වෝද්‍යානයේ සංචාරයකට එක්වෙමිනි.

ඕස්ට්‍රේලියාවේ යෝධ පැන්ඩා සතුන් දැකිය හැකි එකම ස්ථානය ඇඩලේඩ් සත්වෝද්‍යානයයි. මෙහි සිටින වාං වාං හා ෆූ නී නැමැති පැන්ඩා සතුන් දෙදෙනා මේ වසර අවසානයේදී යළිත් චීනයට ගෙන යාමට නියමිතයි.

එබැවින් ඔවුන් වෙනුවට නව පැන්ඩා සතුන් දෙදෙනෙකු ඇඩලේඩ් සත්වෝද්‍යානයට ලබාදීමට චීනය සූදානම් බව ලී අග්‍රාමත්‍යවරයා පවසා ඇත.

දකුණු අර්ධද්වීපයටම සිටින එකම යෝධ පැන්ඩා යුවළ මොවුන් බවත්, ඔවුන් දෙරට අතර මිත්‍රත්වයේ තානාපතිවරුන් බවට පත්ව ඇති බවත් ලී මහතා වැඩිදුරටත් පවසා තිබේ

ක්‍රීඩා

ඩක්වර්ත් ලුවිස් න්‍යාය හඳුන්වා දුන් ෆ්‍රෑන්ක් ඩක්වර්ත් සමුගනියි

Published

on

By

වර්ෂාවෙන් බාධා එල්ලවූ ක්‍රිකට් තරගවල ප්‍රතිඵලය තීරණය කිරීමට යොදාගන්නා ඩක්වර්ත් – ලුවිස් ක්‍රමවේදයේ එක නිපැයුම්කරුවෙක් වූ ෆ්‍රෑන්ක් ඩක්වර්ත් ජීවිතක්ෂයට පත්වී තිබේ.

ඔහු මියයන විට 84 වැනි වියේ පසුවිය.

ඉංග්‍රීසි ජාතික සංඛ්යානවේදීන් වන ඩක්වර්ත් සහ ටෝනි ලුවිස් විසින් නිර්මාණය කරන ලද එම ක්‍රමවේදය පළමුව ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී භාවිත කළේ 1997 දීය.

එය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් විධිමත් ලෙස සම්මත කරන ලද්දේ 2001 දීය.

නමුත් 2014 දී DLS ලෙස එම ක්‍රමවේදය නම්කරන ලද්දේ ඔස්ට්‍රේලියානු ජාතික ස්ටර්න් විසින් එම ක්‍රමවේදයට සිදුකළ වෙනස්කම් සමගිනි.

Continue Reading

පුවත්

චන්ග්-අ හය, යළිත් පෘථිවියට

Published

on

By

චීනයේ චන්ග්-අ හය සඳ තරණ අභ්‍යාවකාශ යානය, සිය අභ්‍යාවකාශ මෙහෙයුම සාර්ථකව නිම කරමින් අනතුරුව, පෘථිවියට යළිත් පැමිණ තිබේ.

මෙම යානය ජුනි 25වැනිදා චීනයේ ඉනර් මොංගෝලියා ස්වයං පාලන ප්‍රදේශයට ගොඩ බැස තිබුණේ බෙයිජිං වේලාවෙන් ප.ව. 2.07ට යි.

ඒ අනුව, මෙම මෙහෙයුම අතිසාර්ථව නිම කළ බව චීනයේ ජාතික අභ්‍යාවකාශ පරිපාලනය පවසයි.

මැයි 03වැනිදා අභ්‍යවකාශගත කෙරුණු චීනයේ චන්ග්-අ හය සඳ තරණ අභ්‍යාවකාශ යානය, මෙලෙස යළි පැමිණියේ පෘථිවියට නොපෙනෙන චන්ද්‍රයාගේ අනෙක් පැත්තෙන් රැස්කළ පාෂාණ සාම්පලද සමගයි.

Continue Reading

පුවත්

Wikileaks වෙබ් අඩවියේ නිර්මාතෘට නිදහස

Published

on

By

රහස් තොරතුරු හෙළිදරව් කිරීමේ වෙබ් අඩවියක් වන විකිලීක්ස්හි නිර්මාර්තෘ Julian Assange වසර ගණනාවකට පසුව එක්සත් රාජධානියේ බන්ධනාගාරයකින් නිදහස් කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ, අමෙරිකාව සමග ඇති කරගත් ගිවිසුමක් සම්බන්ධයෙන් ඇති වූ එකඟත්වය මත Julian Assangeට එල්ල වී තිබූ චෝදනා සම්බන්ධයෙන් මෙම නිදහස හිමිව ඇති බවය.

විකිලීස් වෙඩ්අඩවිය හරහා අමෙරිකානු රහස්‍ය ලේඛන හෙළිදරව් කිරීම හේතුවෙන් අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විකිලීක්ස් වෙබ්අඩවි නිර්මාතෘ Julian Assangeට එරෙහිව චෝදනා 18ක් ගොනුකර තිබුණි.

ඒ අනුව ඔහුව 2019 වසරේ අප්‍රේල් 11 වැනි දින අත්අඩංගුවට ගෙන ලන්ඩනයේ අධිආරක්ෂිත බන්ධනාගාරයක් වන බෙල්මාර්ෂ් බන්ධනාගාරය වෙත යවන ලදී..

2006 වසරේදී විකිලීක්ස් වෙබ් අඩවිය ආරම්භ කළ අතර එහි යුද්ධය, ඔත්තු බැලීම සහ දූෂණය සම්බන්ධ රහසිගත තොරතුරු ඇතුළත් නිල වාර්තා ඇතුළු මිලියන දහයකට වඩා ලේඛන ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්ය.

2010 වසරේදී එය ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර සිවිල් වැසියන් 18 දෙනෙකු ඝාතනය කරන අයුරු දැක්වෙන එක්සත් ජනපද හමුදා හෙලිකොප්ටරයක සටහන් වී තිබුණු වීඩියෝවක් නිකුත් කරන ලදී.

හිටපු එක්සත් ජනපද හමුදා බුද්ධි විශ්ලේෂක වෙල්සි මැනින් විසින් සපයන ලද රහස්‍ය ලේඛන දහස් ගණනක් ද එමගින් ප්‍රකාශයට පත් කෙරුණි.

මේවායින් පෙන්වා දී තිබුණේ, ඇෆ්ගනිස්ථානයේ යුද්ධයේදී ප්‍රසිද්ධියට පත් නොකෙරුණු සිදුවීම් වලදී එක්සත් ජනපද හමුදාව සිවිල් වැසියන් සිය ගණනක් ඝාතනය කර ඇති බවය.

2019 වසරේදී, එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව මෙම හෙළිදරව් කිරීම විස්තර කළේ “එක්සත් ජනපද ඉතිහාසයේ රහසිගත තොරතුරු හෙළිදරව් වුණු විශාලතම සිදුවීම” ලෙසිනි.

එක්සත් ජනපද බලධාරීන්ගේ නීතීඥයින් පැවසුවේ, මෙම තොරතුරු ප්‍රකාශයට පත් කිරීමේදී ඇෆ්ගනිස්ථානයේ සහ ඉරාකයේ සිටින පුද්ගලයින් නම් කිරීමෙන් ඔවුන්ට “බරපතළ හානියක්, වධහිංසා පැමිණ වීමක් හෝ මරණය පවා අත්කර දීමේ අවදානමකට” ලක් කර ඇති බවය.

අසාන්ජ් අවධාරණය කළේ, මෙම ලිපිගොනු එක්සත් ජනපද සන්නද්ධ හමුදාවන් විසින් සිදු කරන ලද බරපතළ අපයෝජනයන් හෙළිදරව් කර ඇති බවත්, ඔහුට එරෙහිව පවරා ඇති නඩුව දේශපාලනිකව අභිප්‍රේරණය වූවක් බවය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved