දකුණු තුර්කියේ සහ උතුරු සිරියාවේ දස දහස් ගණනකට මරු කැඳවමින් පසුගියදා සිදුවූ දරුණු භූමිකම්පාවෙන් මියගිය දරුවන් සිහිකිරීමට තුර්කියේ ස්වේච්ඡා සේවකයන් පිරිසක් එක්ව තිබේ.
ඡායාරූප ශිල්පියෙකු වන Ogun Sever Okur ප්‍රමුඛ මෙම පිරිස විසින් Hatay පළාතේ සුන්බුන් අතර රතු බැලුන් එල්ලමින් මෙම දරුවන්ව සිහිකර තිබේ.
මෙය, එම දරුවන්ට ලබාදෙන අවසන් තිළිණය ලෙස නම් කිරීමට කැමති බව ඡායාරූප ශිල්පී ඔකුර් මහතා පවසයි.
ස්වේච්ඡා සේවකයන් මේ වන විට බැලුන් 1,000ක් – 1,500ක් අතර ගැටගසා ඇති බවත්, ප්‍රදේශයේ සියලු ප්‍රදේශ ආවරණය වන තෙක් මෙම කටයුත්තේ නිරත වීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
“බැලුනයක් ගැටගසන සෑම වරක් පාසා මගේ හදවත රිදුම්දෙනවා,” යැයි ඔහු වැඩිදුරටත් පවසා සිටියි.