ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර පිහිටි ස්වීඩන් තානාපති කාර්යාලයට අද (20) උදෑසන කඩාවැදුණු විරෝධතාකරුවන් පිරිසක්, එයට ගිනිතබා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් ස්වීඩන් විදේශ අමාත්‍යංශය පැවසුවේ එහි කාර්යය මණ්ඩලය ආරක්ෂිතව සිටින බවය.
මසක කාලයක තුළ දෙවැනි වරටත් ස්වීඩනයේ දී කුරානයක් ගිනිතැබීමට විරෝධය පළකරමින් එසේ ඉරාකයේ විරෝධතා පවත්වා ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ.