විදෙස්

බෙබින්කා සුළි කුණාටුවෙන් ෂැංහායි වලට දැඩි බලපෑම්

Published

on

බෙබින්කා සුළි කුණාටුව සැප්තැම්බර් 16 වැනිදා චීනයේ ෂැංහායි කලාපයට හා ජ(ර්)ජියැං (Je-jiang) පළාතට ඇතුළු වී ඇතැයි වාර්තා වේ.

මෙය, 1949න් පසුව ෂැංහායි කලාපයට බලපෑ දරුණුම සුළි කුණාටුව ලෙස සැලකේ.

බෙබින්කා සුළි කුණාටුව හේතුවෙන් ෂැංහායි තුළ ගුවන් ගමන් මෙන්ම දුම්රිය හා බස් ගමන්වාර රැසක්ද අවලංගු කර ඇති අතර, මුදවාගැනීමේ කණ්ඩායම් සීරුවෙන් තබා ඇත.

තවද, ෂැංහායි වැසියන් 414,000ක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබේ.

මේ අතර, ජ(ර්)ජියැං පළාතේ වෙරළබඩ කළාපයෙන්ද තද සුළං හා වැසි වාර්තා වේ.

Trending

Exit mobile version