විදෙස්

මැලේරියාව මර්දනයට තවත් එන්නතක්

Published

on

ළමුන් අතර මැලේරියාව පැතිර යාම වැළැක්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් R21/Matrix-M නම් නව එන්නතක් නිර්දේශ කර ඇත.

මෙම එන්නත ඇතැම් අප්‍රිකානු රටවල් අතර 2024 මුල සිට බෙදාහැරෙන අතර, අනෙකුත් රටවල් වලට 2024 මැද වනවිටත් බෙදාහැරීමට නියමිතය.

 මෙය මැලේරියා වසංගත තත්වය වැළැක්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කළ දෙවැනි එන්නතයි.

මීට වසර දෙකකට පෙර “ආර්.ටී.එස්-එස්’ RTS-S“ නම් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය හිමිවිය.

මදුරුවන්ගෙන් ව්‍යාප්ත වන මැලේරියා රෝගයෙන් අප්‍රිකානු කලාපයේ ළමයින් ලක්ෂ 05ක් පමණ වසරකට මියයයි.

Trending

Exit mobile version