රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවක් වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.
වැඩිදුරටත් වාර්තා වන්නේ ඊට පක්ෂව ඡන්ද 141ක් ලැබී ඇති බවත් රුසියාව ඇතුළු රටවල් 08ක් එම යෝජනාවට එරෙහිව ඡන්දය භාවිතා කර ඇති බවත්ය.
මේ අතර ශ්‍රී ලංකාව, ඉන්දියාව, චීනය, ඉරානය හා දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් 32ක් ඡන්දය භාවිතයෙන් වැළකී ඇත.
මෙම යෝජනාව සම්මත වී තිබුණේ රුසියාව – යුක්රේනයට පහර දී අදට (24) වසරක් සපිරෙන අතරයි.