විදෙස්

BRICS සමූහය හා එක්වීමට තවත් රටවල් 6කට ආරාධනා

Published

on

ලබන වසරේදී BRICS සමූහය හා එක්වීමට තවත් රටවල් සයකට ආරාධනා කර තිබේ.

මේ දින වල පැවැත්වෙන BRICS සමුළුවේදී අවසන් දිනය අද දිනය වන අතර, එහිදී මේ පිළිබඳව දකුණු අප්‍රිකානු ජනාධිපති – සිරිල් රාමපෝසා මහතා නිවේදනය කර ඇත.

ඒ අනුව, මෙලෙස ආරාධනා ලද රටවල් වන්නේ ආජන්ටිනාව, ඊජිප්තුව, ඉතියෝපියාව, සවුදි අරාබිය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි.

BRICS යනු බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාවේ නැගී එන වෙළඳපල සමූහයක් සඳහා වන කෙටි යෙදුමයි.

චීනය, රුසියාව, ඉන්දියාව, බ්‍රසීලය සහ දකුණු අප්‍රිකාව යන රටවලින් මෙම එකතුව සැදී ඇති අතර, මෙය ලෝක බලවතුන්ට අභියෝගාත්මක සන්ධානයක් ලෙස සැලකේ.

Trending

Exit mobile version