ත්‍රස්තවාදී ක්‍රියා කිහිපයකට සූදානම් වෙමින් සිටි ISIS සංවිධානයට සම්බන්ධ බවට පැවසෙන 08 දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
එරට ජාතික විමර්ශන ඒජන්සිය (NIA) විසින් ස්ථාන 19ක සිදුකළ වැටළීම් වලදී මොවුන්ව අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.
එම වාර්තා වල වැඩිදුරටත් දැක්වෙන්නේ මෙම වැටළීම් වලදී හමුවූ පුපුරණ ද්‍රව්‍ය තැනීමට යොදාගන්නා ගෙන්දගම්, පොටෑසියම් නයිට්‍රේට්, අඟුරු, සීනි, එතනෝල් වැනි ද්‍රව්‍ය මෙන්ම තියුණු ආයුධ, මුදල්, ලිපිලේඛන, ස්මාර්ට්ෆෝන් ඇතුළු ඩිජිටල් උපකරණද ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති බවයි.