Connect with us

විදෙස්

තෙවැනි වරටත් ෂී ජින්පින් බලයට ; චීනය තවදුරටත් ලෝකයට විවෘත වන බව කියයි (වීඩියෝ)

Published

on

චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ (CPC) මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම් ෂී ජින්පින් මහතා තෙවැනි වරටත් තේරී පත්වී තිබේ.

මේ පිළිබඳව අද (23) පෙරවරුවේ බීජිං හි පැවති මාධ්‍ය හමුවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කෙරුණි.

ඊට අමතරව, ඔහු CPC පක්ෂයේ මධ්‍යම හමුදා කොමිසමේ සභාපතිවරයා ලෙසද තෝරා පත්කරගෙන තිබේ.

අද දින මාධ්‍ය හමුව අමතමින් චීන ජනාධිපතිවරයා පැවසුවේ, ලෝකයට චීනයේ දොරටු තවදුරටත් විවර කරන බවත්, ඉදිරියේදී ගැඹුරු ප්‍රතිසංස්කරණ සිදුකිරීමට දිගටම කටයුතු කරන බවත්ය.

චීනයට ලෝකයෙන් හුදෙකලා වී දියුණු විය නොහැකි සේම, සංවර්ධනය සඳහා ලෝකයටද චීනය අවශ්‍ය බවත්, පසුගිය වසර 40 ක් පුරාවට නොනැවතුනු ප්‍රතිසංස්කරණ ඔස්සේ චීනයේ අදහාගත නොහැකි වේගවත් ආර්ථික වර්ධනයක් සහ දිගුකාලීන සමාජ ස්ථාවරත්වයක් නිර්මාණය වී ඇති බවත් ෂී මහතා පැවසීය.

විශාල ඔරොත්තු දීමේ හැකියාවක් හා විභවයක් ඇති චීන ආර්ථිකයේ ශක්තිමත් මූලිකාංග වෙනස් නොවනු ඇති බවත්, එය දිගු කාලීනව ධනාත්මක මාවතක ඔස්සේ පවතිනු ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

පසුගිය දින පුරාවට චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) 20 වැනි ජාතික කොංග්‍රසය පැවැත්වුණු අතර, එහිදී අලුතින් තේරී පත්වූ මධ්‍යම කාරක සභා සභිකයින්ද මෙම මාධ්‍ය හමුවට එක්විය.

(CPC 20 වැනි ජාතික කොංග්‍රසය පුරාවටම, ‘Sri Lanka Mirror’ හි විශේෂ වාර්තාකරු ලෙස අප ප්‍රධාන කර්තෘ කැළුම් ශිවන්ත මහතා බීජිං අගනුවර සිට එම කොංග්‍රසය විස්තරාත්මක ලෙස ආවරණය කළ අතර, අප මාධ්‍ය සහකරු වන CCTV+ රූපවාහිනී සේවය ඔස්සේ මෙහි සජීවී දසුන්ද ඔබ හමුවේ තැබීමට අපි සමත් වීමු.)

– කැළුම් ශිවන්ත බීජිං සිට

(වීඩියෝ : CCTV +)

පුවත්

RCB ජය සැමරුම අතර තෙරපීමකින් 11ක් මරුට

Published

on

By

මෙවර IPL ශූරයන් ලෙස කිරුළ පැළඳි රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු (RCB) කණ්ඩායමේ ජය සැමරුම සඳහා බෙගලූරුහිදී අද (04) සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

මෙම අනතුරෙන් තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

Continue Reading

විදෙස්

කැනඩාවේ සමූහ වෙඩි තැබීමක්

Published

on

By

කැනඩාවේ ටොරොන්ටෝ හි දී සමූහ වෙඩි තැබීමක් සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා ඇති බවය.

එරට පොලීසිය සැකපළ කරන්නේ වෙඩි තැබීම සඳහා පුද්ගලයින් කිහිපදෙනෙකු පැමිණ ඇති බවටය. 

Continue Reading

විදෙස්

දකුණු කොරියානු නව ජනාධිපති දිවුරුම් දෙයි

Published

on

By

දකුණු කොරියානු ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ලී ජේ-මියුන්ග් ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී තිබේ.

සෝල්හි ජාතික සභාවේ පැවති සිය පදවි ප්‍රාප්ති උත්සවයේදී ඔහු මෙලෙස දිවුරුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දකුණු කොරියාවේ පැවති ජනාධිපතිවරණයෙන් විපක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ලී ජේ මියුන්ග් මෙලෙස ජයග්‍රහණය වාර්තා කළේය.

ඒ ආන්දෝලනාත්මක දකුණු කොරියානු ජනාධිපතිවරයාව දෝෂාභියෝගයකින් බලයෙන් පහකිරීමෙන් පසුව පැවති ජනාධිපතිවරණයෙන් අනතුරුවය.

ප්‍රකාශිත ඡන්දවලින්  49.31%ක වැඩි ප්‍රතිශතයක් දිනාගැනීමට ලී ජේ-මියුන්ග් සමත්වුණි.

ලී ජේ-මියුන්ග් ගේ ප්‍රතිවාදීන් ලෙස ජනාධිපතිවරණයට පාලක කොන්සර්වේටිව් පීපල් පවර් පක්ෂයේ කිම් මූන්-සූ සහ තවත් අපේක්ෂකයින් තිදෙනෙකු තරග කරනු ලැබීය.

ප්‍රතිවාදී කිම් මූන් සූ ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය  41.30%කි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved