රටට හිමි පුනර්ජනනීය බල ශක්තිය අදානි සමූහයට ලබාදීමට ඒරෙහිව පුද්ගලයන් දෙදෙනෙකු විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර තිබේ.
මෙසේ පැමිණිලි කර ඇත්තේ සංඛ චන්දිම අබේසිංහ සහ බන්දු රංග කාරියවසම් යන අය විසිනි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සංඛ චන්දිම අබේසිංහ මහතා කිා සිටියේ අදානි සමාගමට මන්නාරමේ සිට පූනරීන් දක්වා සුළං සහ බලශක්ති ප්‍රභව පවරාදීම මගින් හා ඊට අමතරව මේ අවස්ථාවේදී රුපියල් 8.50කට විදුලි ඒ්කකයක් මිලදී ගැනීමට අවස්ථාව තිබියදී රුපියල් 20 කට වැඩි මිලකට (ඩොලර් සත 6.50කට) අදානි සමාගමෙන් නැවත බලශක්තිය මිලදී ගැනීම මගින් මානව හිමිකම් කඩකර ඇති බවයි.
ආසියාවේ මහා පරිසර දූෂකයා වන ඉන්දියාවේ අදානි වගේ සමාගමකට ලංකාවේ බලශක්ති ඒ්කාධිකාරියක් පවරාදීම ඒය ආර්ථිකයට ද ප්‍රශ්නකාරී බව ඔහු කියා සිටී.
වීඩියෝව – නිවුස් ෆස්ට්