ලොව ප්රමුඛතම මෝටර් රථ අපනයනකරු වන ජපානය අභිබවා යාමට චීනය සමත්වී තිබේ.
මේ පළමු කාර්තුවේ ඔවුන් මෝටර් රථ මිලියන 1.07ක් අපනයනය කර ඇතැයි චීන බලධාරීන් ප්රකාශ කර ඇති අතර, එම කාලය තුළදී ජපානය අපනයනය කර ඇත්තේ මෝටර් රථ 954,185ක් පමණි.
විද්යුත් මෝටර් රථ සඳහා රුසියාවේ ඇති ඉල්ලුම අනුව එරටට සිදුකළ අපනයන මත චීනයේ කාර් අපනයනය මෙසේ ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
ලොව දෙවැනි විශාල මෝටර් රථ අපනයනකරු ලෙස පසුගිය වසරේදී චීනය, ජර්මනියද අභිබවා ගොස් තිබුණි.