පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් ලීටර් 7,700ක් අඩංගු යකඩ බැරල් 35ක්, පොල්තෙල් ලීටර් 7,920ක් අඩංගු යකඩ බැරල් 36ක් හා පොල්තෙල් ප්‍රවාහනයට යොදා ගන්නා ලද ලොරි රථයක් පොලිස් භාරයට ගෙන තිබේ.
ඒ, විශේෂ කාර්ය බළකා අරලංගවිල කඳවුරේ නිලධාරීන් හා පොළොන්නරුව මහජන සෞඛ්‍ය කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ එක්ව ඊයේ (09) රාත්‍රියේ සිදු කළ වැටලීමක් අතරතුරය.
මෙම වැටලීමේදී පොළොන්නරුව පොලිස් වසමේ කර්මාන්තපුරය ප්‍රදේශයේදී පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් ලොරි රථයකින් ප්‍රවාහනය කරන ලද අයෙක් හා පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් සන්තකයේ තබා ගෙන සිටි තවත් අයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 41 හා 51 යන වයස්වල පසු වන පන්නල හා සන්දිවේලි ප්‍රදේශවල පදිංචි සැකකරුවන් දෙදෙනෙකි.
සැකකරුවන්ව වැඩිදුර විමර්ශන සඳහා පොළොන්නරුව මහජන සෞඛ්‍යය කාර්යාලය වෙත භාර දී ඇති අතර පොළොන්නරුව මහජන සෞඛය කාර්යාලය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.