වහල මත සවිකරන නව සූර්යබල පද්ධති වෙනුවෙන් ලබාදෙන ගාස්තු සංශෝධනයට අනුමැතිය හිමිවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ට්විටර් පණිවිඩයක් එක්කරමින් ඔහු පවසා ඇත්තේ රු. 22ක සහ රු. 15.50ක ලෙස පැවති ස්ථර දෙකක ගාස්තු ක්‍රමය වෙනුවට කිලෝවොට් 500ට අඩු නව පද්ධතිය වෙනුවෙන් රු. 37ක සහ කිලෝවොට් 500ට වැඩි නව පද්ධති වෙනුවෙන් රු 34.50ක ස්ථාවර නව ගාස්තුව වසර 20කට ක්‍රියාත්මක වනු ඇති බවයි.