පවතින තත්ත්වය හමුවේ රථ වාහන ආයනයනයට අවසර ලබා දිය නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.
ඇමැතිවරයා මේ බව පැවසුවේ අද (16) රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රජය තවදුරටත් භාණ්ඩ 900ක් පමණ ආනයනය සීමා කරමින් දැඩි අධ්‍යයනයකින් යුතුව ආර්ථිකය කළමනාකරණය කරමින් සිටින බවයි.
තෙල් මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 80ක් වෙන් කළ විට ද එය ඩොලරයේ අගය කෙරෙහි බලපෑමක් ඇති වන්නේ නම්, රථ වාහන ආනයනය වැනි ඩොලර් විශාල ප්‍රමාණයක් වැය වන කරුණක් පිළිබඳ සලකා බැලීම දැඩි අධ්‍යයනයෙන් යුතුව කළ යුතු බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
එබැවින් මේ අවස්ථාවේදී රථ වාහන ආනයනය සඳහා අවසර ලබා දිය නොහැකි බව ඔහු කියා සිටියි.