ලංකා සතොස ආහාර ද්‍රව්‍ය 06ක මිල අඩු කිරීමට තීරණය කර තිබේ.
මෙම නව මිල සංශෝධනය අද (19) සිට ක්‍රියාත්මක වේ.
ඒ අනුව මෙලෙස මිල අඩු කළ ආහාර ද්‍රව්‍ය පහතින් දැක්වේ.
- සුදු ලූණු 1kg මිල රුපියල් 60කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 490කි.
- පාන්පිටි 1kg මිල රුපියල් 55කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 320කි.
- හාල්මැස්සන් 1kg මිල රුපියල් 50කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 1450කි.
- කඩල පරිප්පු 1kg මිල රුපියල් 30කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 285කි.
- සුදු සීනි 1kg මිල රුපියල් 15කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 260කි.
- ආනයනික සුදු කැකුළු සහල් 1kg මිල රුපියල් 5 කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 169කි.