සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව හෙවත් (ස.තො.ස.) වසා දමා එහි දේපළ හා වත්කම් ලංකා සතොසට පැවරීමට වෙළෙඳ අමාත්‍යාංශය සැලැසුම් කර ඇතැයි වාර්තා වේ.
ඊට හේතු වී ඇත්තේ ස.තො.ස. ආයතනය වසර ගණනාවක් දිගින් දිගටම පාඩු ලැබීම බව පැවසේ.
මේ අතර ස.තො.ස. ආයතනය ඈවර කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා කියා සිටී.
යම් හෙයකින් සතොස ආයතනය ඈවර කළහොත් එහි සේවකයන් සම්බන්ධයෙන් ද අවසන් තීරණයක් ගැනීමට සිදු වන්නේ කම්කරු අමාත්‍යාංශය සමග සාකච්ඡා කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.
වසර 20ක පමණ කාලයක සිට මෙම ආයතනය රුපියල් බිලියන ගණනක පාඩුවක් ලබන අතර ඉන් වැඩි වශයෙන් පාඩු ලබන්නේ සතොස ආයතනයේ ප්‍රවාහන අංශය සහ ගොඩනැගිලි සඳහා බව හඳුනාගෙන තිබේ. එම නිසා තවදුරටත් මෙය පවත්වාගෙන යාම හරහා රජයට කිසිදු ලාභයක් නොමැති බැවින් එහි අවසන් තීරණය මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර ගන්නා බවද හෙතෙම කීවේය.
තීරණය 2005 වසරේදී ක්‍රියාත්මක කිරීමට සූදානම් වුවද ඊට සතොස ආයතනයේ සේවකයන් අකැමැති වූ බැවින් එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබේ.