ව්‍යාපාර

සිමෙන්ති මිලත් නගී

Published

on

ජනවාරි 01දා සිට VAT බද්ද ඉහළ යෑමත් සමඟ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150 – 350 ත් අතර මුදලකින් ඉහළ දමා ඇති බව සිමෙන්ති නිෂ්පාදන සමාගම් පවසයි.

ඒ අනුව කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රු. 2,300 ක්  – රු. 2,450 ක් අතර පවතින බව වාර්තා වේ.

කෙසේවෙතත්, සිමෙන්ති සදහා 15% ක වැට් බද්දක් මීට පෙරද අය කළ බැවින්, වැට් බද්ද 18% දක්වා ඉහළ යාම මත පදනම්ව සිමෙන්ති කොට්ටයක මිල ඉහළ යා යුතුව ඇත්තේ 3%කින් බවත් ජාතික ඉදිකිරීම්කරුවන්ගේ සංගමයේ ලේකම් සුපුන් අබේසේකර පවසන බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

කෙසේවෙතත්, සිමෙන්ති නිෂ්පාදකයින් මීට වඩා මිල වැඩි කර ඇති බව ඔහු පෙන්වා දෙයි.

18%ක වැට් බද්ද සමග ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෙනත් අමුද්‍රව්‍ය වල මිලද ඉහළ යනු ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.

Trending

Exit mobile version