ව්‍යාපාර

කීරි සම්බා, සම්බා ආනයනයට කැබිනට් අනුමැතිය 

Published

on

කීරි සම්බා හා සම්බා සහල් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

අද (21) දිනයේදී කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක – අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පවසා සිටියේය.

පවත්නා කීරි සම්බා හිඟය වැටලීම් පමණක් සිදුකරමින් නිරාකරණය කරගත නොහැකි බැවින් හා එළැඹෙන උත්සව සමයදී මිල අධිකව අලෙවි කරන බැවින්  කීරි සම්බා හෝ සම්බා සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කර රාජ්‍ය ආයතන හරහා බෙදා හැරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව අමාත්‍යවරයා පැවසීය.

Trending

Exit mobile version