Connect with us

පුවත්

ජනයාට බදු බර නොදී බදු නොගෙවන මෝරු අල්ලන්න යැයි ඉල්ලීමක්

Published

on

මේ වන විට වක්‍ර බදු වලින් මහජනතාව තවදුරටත් පීඩා කිරීම වෙනුවට ඉතා වංචනික ලෙස බදු නොගෙවන මහා පරිමාණයේ සමාගම් වලින් නිසි ලෙස බදු අයකරගැනීමට කටයුතු කරන මෙන් නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය ඉල්ලා සිටියි.

මේ සම්බන්ධයෙන් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලිපියක් නිකුත් කරමින් ඔවුන් පවසා ඇත්තේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා විසින් සැප්තැම්බර් 20දා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සිදු කළ හෙළිදරව්ව අනුව පහත කරුණු හෙළිදරව් වන බවයි :

  • ආදායම් බදු ලිපිගොනු ඇති ව්‍යාපාරික සමාගම් 100,005 කින් බදු ගෙවා ඇත්තේ සමාගම් 25,692 ක් පමණි. ඒ අනුව සමාගම් 74,313 ක් බදු ගෙවා නැත.
  • VAT බදු වෙනුවෙන් ලියාපදිංචි ව්‍යාපාර 60,721 ක් ඇති අතර ඔවුන් පාරිභෝගිකයින්ගෙන් අය කරගනු ලැබූ ඪ්ඔ බදු පසුගිය සැප්තැම්බර් වන විට ආණ්ඩුවට භාරදී ඇත්තේ ව්‍යාපාර 185 ක් පමණි. ඉන් කියවෙන්නේ, ඉතිරි ව්‍යාපාර 60,536 විසින් පාරිභෝගිකයින්ගෙන් අය කරගනු ලැබූ ඪ්ඔ බදු ඔවුන් සන්තක කරගෙන ඇත යන්නයි.
  • ඉහළ පෙළේ නිමි ඇඳුම් ජාලයක් හිමි ව්‍යාපාරිකයෙකු සහ එවැනිම ඉහළ පෙළේ සුප(ර්) මාකට් ජාලයක් ආදායම් බදු කිසිවක් ගෙවා නැත.
  • පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 75 දෙනෙකු ආදායම් බදු ගෙවන්නේ නැත.

මේ අනුව “සියයට 83 ක් වක්‍ර බදු අය කෙරෙන මේ රටේ සාමාන්‍ය ජනතාව විශාල වශයෙන් පීඩාවට පත් වන්නේ රුපියල් කෝටි සිය ගණනින් සිදුවන මෙවැනි බදු වංචා හේතුවෙනි. රජයට එළෙසින් අහිමිවන දේශීය ආදායම් පියවා ගැනීමට කිසිදු ආණ්ඩුවක් කිසිදු වැදගත් හා සාර්ථක පියවරක් නොගන්නා හෙයින් ජාවාරම්කාරයින් විසින් ආදායම් වංචා කිරීමේ පාඩුවට මුහුණ දිය යුත්තේ ජනතාවට,” බව එම ලිපිය මගින් වැඩිදුරටත් පෙන්වාදෙයි.

මෙලෙස වංචා කළ බදු අයකර ගැනීම වෙනුවට ආණ්ඩු විසින් වක්‍ර බදු අය කිරීමෙන් දඩුවම් කරන්නේ නැවතත් සාමාන්‍ය ජනතාවටම බවද එහි වැඩිදුරටත් දැක්වේ.

පසුගිය 06දා පැවති නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ මහ මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා කළ බව පවසන එම සංගමය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් පහත ඉල්ලීම් ත්‍රිත්වය ඉදිරිපත් කරයි.

  • ඉදිරි අයවැයට පෙර ඉහතින් සඳහන් බදු වංචා වලට අදාල ව්‍යාපාරිකයින්ගේ නම් සමග සවිස්තරාත්මක වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන මෙන් මුදල් ඇමතිවරයාගෙන් වහා ඉල්ලා සිටින්නට කටයුතු කරන ලෙස
  • එම තොරතුරු ප්‍රකාශයට පත්කර ඒ සම්බන්ධ ජාතික කම්කරු උපදේශක සභාවෙහි අවසන් තීන්දුවක් ගන්නා තෙක් රුපියල් ලක්ෂයක් හෝ ඊට වැඩි මාසික පෞද්ගලික ආදායම් සඳහා පනවා ඇති ආදායම් බද්ද වහා අත්හිටුවීම
  • අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සඳහා පනවා ඇති ඪ්ඔ බද්ද සම්පූර්ණයෙන් ඉවත් කරන්නට සහ ඉකුත් ඔක්තෝම්බර් 01 වන දින සිට ක්‍රියාත්මක කෙරෙන සියයට 2.5 ක සමාජ සංරක්ෂණ දායකත්ව බද්ද වහා අත්හිටුවීම

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය විසින් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත යොමු කළ සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.

පුවත්

දින හතරක් බාර් වැසෙයි

Published

on

By

දින 04ක් සුරාසැල් සහ මත්පැන් අලෙවිසැල් වසා තැබීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන ලදී.

ඒ අනුව වෙසක් පසළොස්වක පොහෝය දිනය යෙදී ඇති මැයි 23 සිට 24 යන දෙදින දිවයින පුරා වසා මෙම අලෙවි සැල්  තැබෙනු ඇති.

එමෙන් ම රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන මාතලේ දිස්ත්‍රික්කයේ ඇති සියලුම බලපත්‍රලත් සුරාසැල් මැයි 21 හා 22 දිනවලත් වසා තැබීමට ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

Continue Reading

පුවත්

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ත්‍රිකුණාමලයට?

Published

on

By

සපුගස්කන්ද තෙල් පිරිපහදුව රජය සතු ව්‍යවසායක් බවට පරිවර්තනය කිරීමේ දී එහි සේවකයින් 650 කට අධික පිරිසකගේ රැකියා අහිමි වීමේ අවදානමක් පවතින බවට වාර්තා වේ.

දැනට සිටින සේවකයින්ගෙන් 200ක් පමණ රජය සතු නව ව්‍යවසාය සඳහා බඳවා ගැනීමට ද සැලසුම් කර ඇති බව සඳහන්ය.

ඉතිරි කම්කරුවන් සංචිතයකට යොමු කරන අතර එයින් රජය සතු නව ව්‍යවසාය තුළින් මෙහෙයුම් පවත්වාගෙන යාමට අවශ්‍ය පිරිස් තෝරා ගනු ඇත.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් වෙන්ව පොදු ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මේ වන විට අනුමත කර තිබේ.

පිරිපහදුවේ පැරණි යටිතල පහසුකම් නවීකරණය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා පවතින ආයෝජන අවශ්‍යතාව මත මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

අවම වශයෙන් තවත් වසර 25ක් සඳහා පිරිපහදුවේ මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ ශක්‍යතාව තහවුරු කිරීම මෙහි ඉලක්කය වේ

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ත්‍රිකුණාමලයට රැගෙන යාමට සැලසුම් කර ඇති අතර ඉදිරි මෙහෙයුම් සඳහා නවීකරණය කරන ලද නවීන පහසුකම් සහිත තෙල් ටැංකි සංකීර්ණයක් පුළුල් කිරීම ඉදිරියේ දී සිදුකිරීමට අපේක්ෂිතය.

ක්‍රීඩා

ඩිලන්ත, GT4 යුරෝපියානු මෝටර් රථ තරගාවලියේ ඉසව්වකින් 2වැනි තැනට

Published

on

By

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ පැවැති GT4 යුරෝපියානු තරගාවලියේ ඒ.කැන්ටු සමග යුගල ධාවනයක නිරත වූ ඩිලන්ත මාලගමුව එහි දෙවෙනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.

මෙහි දෙවෙනි තරගයට සහභාගි වූ ඩිලන්තගේ මෝටර් රථය අනතුරකට ලක්වීම නිසා විනාඩි 15 කට තරගයෙන් ඉවත්ව සිටීමට සිදුවුණද යළි තරගයට එක්ව තරගය අවසන් කිරීමට ඩිලන්ත හා සහායක රියදුරුට හැකි විය.

මෙම තරගාවලියේ මීළඟ තරගය ජූනි 28 දා ස්පාහිදී පැවැත්වේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved