ව්‍යාපාර

නයිකි පාවහන් වලට කැන්ගරු හම් යොදාගැනීම නවතියි

Published

on

මේ වසරේදී සිය පාවහන් නිෂ්පාදන සඳහා කැන්ගරු හම් යොදා ගැනීම නවතා දමන බවට ලෝක ප්‍රකට ක්‍රීඩා ඇඳුම් සහ පාවහන් නිෂ්පාදන සමාගමක් වන ‘නයිකි’ සමාගම නිවේදනය කර තිබේ.

මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ නයිකි සමාගමේ ප්‍රධානතම ප්‍රතිවාදියා වන ජර්මනියේ පූමා සමාගමද මීට සමාන තීන්දුවක් ගෙන සති කිහිපයකට අනතුරුවයි.

කැන්ගරු හම් වෙනුවට කෘතිම අමුද්‍රව්‍යයක් භාවිතා කරන බව නයිකි සමාගම පවසයි.

මේ ආකාරයෙන් මේ වසරේ එළිදැක්වීමට නියමිත Tiempo Legend Elite නම් සිය නව පාපන්දු පාවහන් මාදිලිය නිපදවන බව නයිකි සමාගම විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

නයිකි සමාගම සිය එකම කැන්ගරු සම් සැපයුම්කරු සමඟ හවුල්කාරිත්වය අවසන් කර තිබුණේ 2021දීය.

මේ සම්බන්ධයෙන් සත්ත්ව අයිතීන් පිළිබඳ සංවිධාන විසින් සිය ප්‍රශංසාව පළ කර ඇත.

Trending

Exit mobile version