ව්‍යාපාර

නොවැම්බරයේ අපනයන ආදායම ඉහළට

Published

on


වෙළෙඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව ඉකුත් නොවැම්බර් මාසයේ සමස්ත අපනයනය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,269.33ක් ලෙස වාර්තා වූ අතර එය 2023දී එම කාලයට සාපේක්ෂව 0.04%ක වර්ධනයක් පිළිබිඹු කර තිබේ.

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්තවලට අනුව 2024 නොවැම්බර් මාසයේදී වෙළෙඳ භාණ්ඩ අපනයන කාර්යසාධනය එක්සත් ජනපද ඩොලර් මිලියන 943.1ක් වූ අතර එය 2023 නොවැම්බර් මාසයට සාපේක්ෂව 5.6%ක පහත වැටීමකි.

රබර් ආශ්‍රිත නිෂ්පාදන, විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික සංරචක, ආහාර සහ බීම වර්ග සහ මුහුදු ආහාර අපනයනයෙන් ලැබෙන ආදායම අඩුවීම මෙම අඩුවීමට මූලික වශයෙන් හේතු වී තිබේ.

කෙසේවෙතත් 2024 නොවැම්බර් මාසය සඳහා සේවා අපනයනය එක්සත් ජනපද ඩොලර් මිලියන 326.23ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර එය 2023 අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 20.89%ක වර්ධනයක් පිළිබිඹු කරයි.

Trending

Exit mobile version