පාන් මිල අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින්ට සතියක කාලයක් ලබා දීමට කටයුතු කරන බව වෙළඳ, වාණිජ සුරක්ෂිතතා අමාත්‍ය – නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.
ඉන්පසුවත් මිල අඩු නොකරන්නේ නම් නීතිමය කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බවත් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේය.
රුපියල් 10කින් පාන් මිල අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින් එකඟ වී ඇති බැවින් එම සහනය පාරිභෝගිකයන්ට ලබාදීමට ඔවුන් කටයුතු කළ යුතු බවත්, එසේ සිදුනොවන්නේ නම් දිගින් දිගටම රජයට මැදිහත් වීමට සිදු වන බවත් ඔහු මෙහිදී පැවසීය.
වෙළඳපොල තුළ පාන් ගෙඩියක තිබිය යුතු වන ග්‍රෑම් 450 බර ප්‍රමාණය අනිවාර්යෙන් තිබිය යුතු බවත් එසේ නොකරන බේකරි නිෂ්පාදකයින් වැටලීම් කිරීමටත් පාරිභෝගික අධිකාරියට උපදෙස් ලබා දී ඇතැයිද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.