පුවත්

භාණ්ඩ 300 – 400 ක ආනායන සීමා ලබන සතියේ ඉවතට!

Published

on

මේ වන විට ආනයන සීමා පනවා ඇති භාණ්ඩ වලින් 300 – 400 ත් අතර ප්‍රමාණයක ආනයන සීමා ලබන සතියේදී ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි.

අද (02) උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ මේ වන විට ඩොලර් ඉල්ලුමට සාපේක්ෂව සැපයුම වැඩි වීම හේතුවෙන් රුපියල ශක්තිමත් වීම පදනම් කරගෙන මෙම ආනයන සීමා ලිහිල් කිරීම සිදුවන බවයි.

කෙසේ වෙතත් දේශීය ආර්ථිකයට බලපෑමක් වන දේශීය වශයෙන් නිපදවන භාණ්ඩ ආනයන සීමා ඉවත් කිරීමේ අදහසක් නොමැති බවද ඔහු එහිදී සඳහන් කර ඇත.

Trending

Exit mobile version