ව්‍යාපාර

මස්ක්, ට්විටර් ලාංඡනය වෙනස් කරන්න යයි

Published

on

නිල් පැහැ කුරුල්ලෙකු ගේ හැඩය ගන්නා ට්විටර් ලාංඡනය වෙනස් කිරීමට තමන් සූදානම් බව ට්විටර් හිමිකරු ඊලොන් මස්ක් පවසයි.

මේ බව ඊයේ ප්‍රකාශ කර ඇති මස්ක්, පවසා ඇත්තේ එය බොහෝ කලට පෙර සිදුකර යුතුව තිබුණු දෙයක් බවයි.

මේ අතර, X අකුර සහිත ලාංඡනයක් ඇතුළත් කෙටි වීඩියෝවක් මස්ක් සිය ට්විටර් අවකාශයේ පළකර තිබුණි.

මස්ක් විසින් දැනටමත් ව්‍යාපාරයේ නම X Corp ලෙස වෙනස් කර තිබේ.

විදෙස් වාර්තා සඳහන් කරන අන්දමට චීනයේ WeChat යෙදවුමට සමාන “X” නම් “සුපිරි යෙදවුමක්” නිර්මාණය කිරීමට මස්ක් හට අවශ්‍ය වී තිබේ.

මීට පෙර අවස්ථාවක දී ද ට්විටර් සමාගමේ ජනප්‍රිය කුරුල්ලාගේ ලාංඡනය වෙනුවට සුනඛයෙකුගේ මුහුණක් සහිත ජනප්‍රිය මීම් ලාංඡනයක් යෙදීමට එහි හිමිකරු ඊලෝන් මස්ක් යෝජනා කර තිබුණි.

ඒ ක්‍රිප්ටෝ මුදල් හි එන ඩෝජ් කොයින් සංඛේතයට අනුව යමිනි.

Trending

Exit mobile version