ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිත්‍ය පොලි අනුපාත නොවෙනස්ව තැබීමට තීරණය කර තිබේ.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR)සියයට 11.00ක් ලෙසද නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) සියයට 12.00ක් ලෙසද ස්ථාවර කොට තිබේ.
එමෙන්ම උකස් පහසුකම් සඳහා වාර්ෂිකව 18%ක උපරිම පොලී අනුපාත සීමාවක් පැනවීමට ද තීරණය කර ඇත.
තවද තාවකාලික අයිරා (TOD) මත වාර්ෂිකව 23%ක සීමාවක් සහ ක්‍රෙඩිට් කාඩ් පහසුකම් මත වාර්ෂිකව 28%ක පොලි සීමාවක් පැනවීමට ද ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.
මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් සියලුම බලපත්‍ර ලාභී බැංකු වෙත මෙම නියෝග නිකුත් කර ඇත.