නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව රටේ ආර්ථික අනාගතය පිළිබදව දැඩි විශ්වාසයක් ගොඩ නැගී ඇති බව මෙරට ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික සඟරාවක් වන LMD ජනවාරි කලාපය සඳහන් කරයි.
LMD ජනවාරි කලාපයේ සදහන් වන ආකාරයට ගෙවුණු දෙසැම්බර් මාසයේ දී ව්‍යාපාර විශ්වසනීය දර්ශකය Business Confidence Index (BCI) ඒකක 174 දක්වා ඉහළ ගොස් ඇත. එය නොවැම්බර් මාසයේ දී පැවති ඇත්තේ ඒකක 154 ක් ලෙසය.
අදාළ දර්ශකය ජනවාරි මාසයේ වාර්තා කළ එම ඉහළම අගයට ළඟා වී ඇත්තේ වසර පහකට පසුවය.