මගී පාරිභෝගිකයන්ට තිබෙන ගැටලුවලට අදාළ විමසීම් කිරීම සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවය ‘යානා’ නමින් කෘත්‍රිම බුද්ධි යෙදවුමක් හඳුන්වා දී තිබේ.
මේ සඳහා www.srilankan.com වෙබ් අඩවියට ඇතුළත් වී එම පහසුකම ලබාගන්නා ලෙස ශ්‍රීලන්කන් මගීන් වෙත දන්වා සිටියි.
එම වෙබ් අඩවියේ දකුණු පස කෙළවර දැක්වෙන ගුවන් සේවිකාවකගේ රුව සහිත ඒ.අයි. (AI) රූපය ක්ලික් කිරීමෙන් ප්‍රශ්න යොමුකළ හැකිය.
මගීන් කරන විමසීම් සඳහා බුද්ධිමත්ව සහාය වීම සඳහා මෙම ඒ. අයි. (AI) තාක්ෂණය යොදාගෙන නව ක්‍රමවේදය ආරම්භ කළ බවත් ශ්‍රීලන්කන් සමාගම පවසයි.
කෘත්‍රිම බුද්ධි යෙදවුම ජී.පී.ටී. GPT – 4 තාක්‍ෂණය සහිත බවත් ශ්‍රීලන්කන් සමඟ පාරිභෝගික අන්තර් ක්‍රියා වැඩිදියුණු කිරීම හා එමගින් කාර්යක්ෂමතාව වැඩිකර ගැටලු පහසුවෙන් විසඳාදීමට හැකි අයුරින් සකස් වී තිබෙන බව පවසයි.
මේ නිසා ‘යානා’ සමග සම්බන්ධ වී පණිවුඩ යොමුකර නිවැරදිව තොරතුරු දැන ගන්නා ලෙසත් ශ්‍රීලන්කන් මගීන්ට දන්වා සිටියි