ව්‍යාපාර

සතොස භාණ්ඩ 6ක මිල යළි බස්සයි

Published

on

අද (24) දින සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ 06ක මිල පහත දමා තිබේ.

එලෙස අඩු කර ඇති භාණ්ඩ මිල ගණන් මෙසේය :

– කිරිපිටි (ලංකා සතොස) ග්‍රෑම් 400 පැකට් එකක මිල රු. 50කින් අඩුකර ඇත. නව මිල – රු. 1,030කි.
– වියළි මිරිස් කිලෝ1 ක මිල රු. 45කින් අඩුකර ඇත. නව මිල – රු. 1,350කි.
– රතු පරිප්පු කිලෝ1 ක මිල රු. 10කින් අඩුකර ඇත. නව මිල – රු. 325කි.
– සෝයා මීට් (තොග) කිලෝ1 ක මිල 10කින් අඩුකර ඇත. නව මිල – රු. 660කි.
– ලොකු ලූනු කිලෝ1 ක මිල රු.6කින් අඩුකර ඇත. නව මිල –   රු. 129කි.
– සුදු සීනි කිලෝ1 ක මිල රු.4කින් අඩුකර ඇත. නව මිල –   රු.239කි.

Trending

Exit mobile version