පුවත්

හෙට සිට සුරාසැල් අරින වෙලාවෙල් වෙනස් වේ

Published

on

හෙට (09) සිට ක්‍රියත්මක වන පරිදි සුරාසැල් විවෘත කරන වේලාවන් සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ.

සුරාබදු ආඥාපනත යටතේ ඇති බලතල අනුව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සඳහා අවසර දී ඇත.

නව සංශෝධනය යටතේ විදේශ මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර සහිත ස්ථාන උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතයි.

හෝටල් සඳහා බලපත්‍ර ක්‍රමය අනුව පෙරවරු 10.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වාත් ඇතැම් ඒවා අලුයම  2.00 දක්වා විවිධ කාල රාමු කාණ්ඩ යටතේ විවෘතව තැබීමට අවසර දී තිබේ.

රට බීම තැබැරුම් බලපත්‍ර හිමි ස්ථාන විවෘතව තැබෙන්නේ පෙරවරු 10.00 සිට රාත්‍රී 9.00 දක්වායි.

Trending

Exit mobile version