හොංකොං සිට ගුවන් ගමන් සිදුකළ කැතේ පැසිෆික් (Cathay Pacific) නම් ගුවන් සේවය ශ්‍රී ලංකාව වෙත නැවතත් ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව මෙම ගුවන් සමාගම ලබන වසරේ (2024) පෙබරවාරි 02 දින සිට හොංකොං සිට කටුනායකට සහ කටුනායක සිට හොංකොං වෙත ගුවන් ගමන් සිදුකරනු ඇත.
මෙම ගුවන් යානය ව්‍යාපාරික පන්තියේ ආසන 28 කින් සහ පිරිමැසුම්දායක පන්තියේ ආසන 265කින් සමන්විත වන අතර කොළඹ සිට එයාර්බස් A330 ගුවන් යානයෙන් සතියකට ගුවන් ගමන් 03ක් ක්‍රියාත්මක කෙරෙනු ඇත.
කැතේ පැසිෆික් (Cathay Pacific) යනු හොංකොංහි ලියාපදිංචි වී පවත්වා ගෙන යනු ලබන සම්මානලාභී ගුවන් සමාගමකි.
තවද ආසියාව, පැසිෆික් කලාපය, උතුරු අමෙරිකාව, යුරෝපය, මැදපෙරදිග සහ අප්‍රිකාව හරහා විහිදී ඇති ජාත්‍යන්තර ගුවන් සේවයක් ලෙසද කැතේ පැසිෆික්(Cathay Pacific) ගුවන් සේවය හැඳින්විය හැකිය.