Connect with us

පුවත්

ලිට්‍රෝ ගෑස් වැඩිවෙන්නේ මෙහෙමයි (Update)

Published

on

ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වල මිල වැඩි වන අයුරු ලිට්‍රෝ ගෑස් සමාගම විසින් නිවේදනය කර ඇත.

මිල සංශෝධනයත් සමග කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,360ක් වන අතර කිලෝග්‍රෑම් 5, රුපියල් 1,750ක් දක්වාත් කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරය රුපියල් 815ක් දක්වාත් ඉහළ ගොස් ඇති බව ලිට්‍රෝ සමාගම පවසයි.

(පෙර පුවත 2022.11.06 පෙ.ව.11:02)

ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව අද (06) සිට කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 200 ත් 250 ත් අතර මුදලකින් ඉහළ යනු ඇති බව එම සමාගම පවසයි.

එසේ වැඩිවන මිල ගණන පසුව දැනුම්දීමට නියමිතය.

පුවත්

ආර්ථික පරිවර්ථන පනත් කෙටුම්පතට අනුමැතිය

Published

on

By

ආර්ථික පරිවර්ථන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මාර්තු 25 වන දි පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එම පනත් කෙටුම්පතෙහි මුලික කෙටුම්පත සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය හිමිවුණි.

ඒ අනුව නීතිපති විසින් ඉදිරිපත් කරනු ලබන සංශෝධනයන් ද ඇතුළත් කරමින් විධිමත් පනත් කෙටුම්පත කඩිනමින් ඉදිරිපත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දී තිබිණි.

ඒ අනුව සකස් කළ පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇත.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Continue Reading

පුවත්

විජයදාසට එරෙහිව දුමින්ද උසාවි යයි

Published

on

By

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළක්වාලන  තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා  පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ අද(14) නඩු පැවරීය.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සරත් ඒකනායක,අමාත්‍ය විජේදාස  රාජපක්ෂ මහතා ඇතුළු පස්දෙනෙකු නම් කර ඇත.

Continue Reading

පුවත්

රණවිරුවන්ට ඉඩම් දෙන්න ජනාධිපති කමිටුවක්

Published

on

By

රණවිරුවන්ට ඉඩම් බෙදා දීම කඩිනම් කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කමිටුවක් අද (14) පත්කරනු ලැබීය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා එම කමිටුවේ සභාපතිත්වය දරන අතර ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක්, ඉඩම් කොමසාරිස් ජනරාල්, රණවිරු සේවා අධිකාරියේ සභාපති සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙක්  කමිටුවට ඇතුළත් වෙති.

ක්‍රියාන්විත රාජකාරියෙහි යෙදී සිටියදී දිවි පිදූ අතුරුදන් හා රණක්ෂිතයට පත් වූ විශ්‍රාමික සහ දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින ත්‍රිවිධ හමුදාවේ , ශ්‍රී ලංකා පොලිසියේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන්ට රජයේ ඉඩම් ලබාදීමට නියමිතව පවතී.

රණවිරුවන්ට ඉඩම් ලබාදීමේ වැඩපිළිවෙල  මීට පෙර අවස්ථා කිහිපයකදී ආරම්භ කෙරුනත් එය සාර්ථකව සහ කඩිනමින් තියාත්මක නොවීම නිසා ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බලා ජනාධිපතිවරයා විසින් ඉහත කමිටුව පත්කර ඇත.

ජනාධිපති නියෝග පරිදි රණවිරුවන්ට ලබා ඉඩම් ලබාදීමේ කාර්යභාරය ප්‍රමුඛස්ථානයෙහිලා සලකා කඩිනමින් වැඩ කටයුතු සම්පාදනය කිරීම  අදාල කමිටුවේ වගකීමයි.

(ලංකාදීප )

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved