කලා

අම්බානි පවුලේ සුපිරි මංගල උත්සවයට නාමල් සහ මහේල

Published

on

මෑත කාලීනව වැඩිම පිරිවැයක් දැරූ විවාහ උත්සවයක් ලෙස සැලකෙන ප්‍රකට ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානිගේ පුත්‍රයා වන ආනන්ත් අම්බානිගේ සහ රාධිකා මර්චන්ට්ගේ දින 3ක විවාහ මංගල්‍යය අදින් ආරම්භ වේ.

ලොවපුරා සිටින බලවතුන්, ක්‍රීඩකයින්, දේශපාලකයන් මෙන්ම ප්‍රසිද්ධ නළු නිලියන් රාශියක් මේ සඳහා සහභාගී වීමද විශේෂත්වයකි.

ආසියාවේ ධනවතුන් අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්නා මුකේෂ් අම්බානිගේ බාල පුතුගේ මේ විවාහයට ශ්‍රී ලංකාවෙන් දෙදෙනෙකුටත් ආරාධනා ලැබ ඇත.

ඒ, නාමල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩකයෙකු වන කරන මහේල ජයවර්ධනටයි.

රෙස්ලිං ක්‍රීඩාවෙන් ලොව අමන්දානන්දයට පත් කළ ජෝන් සීනා ද මෙම විවාහ මංගල්‍යයට සහභාගී වීම විශේෂත්වයකි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම විවාහ මංගල්‍යය ඉන්දීය රුපියල් කෝටි 5000කට අධික පිරිවැයක් දරා ඇති බවය.

එය අම්බානි පවුලේ ධනයෙන් 0.05%ක් පමණ වන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

Trending

Exit mobile version