කලා

කොලිවුඞ් නළු විජයකාන්ත් අභාවප්‍රාප්ත වෙයි

Published

on

ජනප්‍රිය කොලිවුඞ් නළු නාරායනන් විජයරාජ් අලගර්ස්වාමි හෙවත් විජයකාන්ත් අභාවප්‍රාප්ත වී තිබේ.

විජයකාන්ත්, මියගොස් ඇත්තේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති වුණු සංකූලතා හේතුවෙන් බව බව ඉන්දීය මාධ්‍යය වාර්තා කර ඇත.

මිය යන විට 71 වැනි වියෙහි පසු වූ ඔහු හමුදා නිලධාරීන්ගේ චරිත බොහොමයකට පණ පෙවීම හේතුවෙන් සිනමාව තුළ ‘කැප්ටන්’ ලෙස ද හඳුන්වා ඇත.

රංගනයෙන් ලැබූ ජනප්‍රියත්වයෙන් පසු විජයකාන්ත්, 2005 දී DMDK (දේශිය මුර්පොක්කු ද්‍රවිඩ කසාගම්) පක්ෂය පිහිටුවීමෙන් දේශපාලනයට අවතීර්ණ විය.

ඒ, තමිල්නාඩුවේ සෙසු ද්‍රවිඩ පක්ෂ වන DMK සහ ADMK වැනි පක්ෂවලට අභියෝග කරන විකල්ප දේශපාලන පක්ෂයක් වීමේ අරමුණෙනි.

2006 තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභා මැතිවරණයේ දී DMDK පක්ෂය සිය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළ අතර, එහි දී ඔවුන්ට ප්‍රාන්ත දේශපාලනය තුළ සැලකිය හැකි බලවේගයක් ලෙස ස්ථාපිත වීමට හැකියාව ලැබිණි.

2011 තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභා මැතිවරණයේ දී DMDK පක්ෂය AIADMK ප්‍රමුඛ සන්ධානය සමඟ සන්ධානගත වූ අතර, විජයකාන්ත් විපක්ෂ නායකයා බවට ද පත් විය.

Trending

Exit mobile version