Connect with us

කලා

අසූ හැවිරිදි බච්චන්ට ක්‍රියාදාම රංගනයකින් ඉල ඇට බිඳෙයි!

Published

on

සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් චිත්‍රපටයක රූගත කිරීමක් අතරතුර තුවාල ලබා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ඔහුගේ මීළඟ චිත්‍රපටය වන “ප්‍රොජෙක්ට් කේ” චිත්‍රපටයේ ක්‍රියාදාම දර්ශනයක් රුගත කරන අවස්ථාවේ අමිතාබ් බච්චන් මහතා මෙසේ තුවාල ලබා තිබේ.

රූගත කිරීම අතරතුර තමාගේ ඉළ ඇටවලට හානි වූ බවත් ඒ හේතුවෙන් හුස්ම ගැනීමට සහ සෙලවීම වේදනාකාරී වූ බවත් අමිතාබ් බච්චන් මහතා සිය බ්ලොග් අඩවියේ සටහනක් තබමින් පවසා තිබේ.

80 වැනි වියේ පසුවන අමිතාබ් බච්චන් මහතා හයිද්‍රාබාද් නගරයේදී රූගත කිරීම් සඳහ සහභාගී වී තිබේ.

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව තම නිවසේ විවේක ගනිමින් සිටින බවත් සම්පූර්ණ සුවය ලැබීමට සති කිහිපයක් ගතවනු ඇති බවත් අමිතාබ් බච්චන් මහතා පවසා ඇත.

ඉළ ඇට වලට හානි වීම හේතුවෙන් ඉක්මන් සුවය ප්‍රර්ථනා කිරීමට නිවස අසලට පැමිණෙන්නන් මුණගැසීමට අපහසු බවද බච්චන් මහතා ප්‍රකාශ කර තිබේ.

ඒ හේතුවෙන් තමාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කිරීමට නොපැමිණෙන ලෙසත් එසේ පැමිණීමට බලාපොරොත්තු වන්නන් සිටීනම් තම පණිවිඩය හැකිතාක් ලබා දෙන ලෙසත් බච්චන් මහතා ඉල්ලීමක් කර ඇත.

කලා

එකම වේදිකාවක සම්මානනීය වූ තාත්තයි දුවයි

Published

on

By

ප්‍රවීණ ගායන ශිල්පි රූකාන්ත ගුණතිලක සහ ඔහුගේ ආදරණීය දියණිය වින්ඩි ගුණතිලක ඊයේ (17) රාත්‍රියේ සම්මානයට පාත්‍ර විය.

ඒ, ”Business World International Awards USA – 2023” සම්මාන රාත්‍රියේදීයි.

එහිදී, රූකාන්ත ගුණතිලක මහතා ”Pride of Sri Lanka (Music)” සම්මානයට හිමිකම් කියූ අතර ඔහුගේ දියණිය වින්ඩි ගුණතිලක සම්මාන ද්විත්වයකට හිමිකම් ලැබුවාය.

ඒ, ”Pride of Global (Music) 2022” සහ ”Global Icon (Music) 2023” යන සම්මාන ද්විත්වයටයි.

BWIO විසින් සංවිධානය කරන ලද මෙම විශිෂ්ටතා සම්මාන උළෙල ගෝලීය වශයෙන් ව්‍යාපාර සහ ව්‍යවසායක විශිෂ්ටයින් ඇගයීම උදෙසා ක්‍රියාත්මක වන්නකි.

Continue Reading

කලා

එජාප මැයි රැලි සංගීතයට ගායක ගායිකාවන් ඉන්දියාවෙන්; සංගීතේ ශේන් සිංගෙන්

Published

on

By

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලියට සමගාමීව සංවිධානය කර ඇති සංගීත ප්‍රසංගයේ ගීත ගායනා කිරීම සඳහා ඉන්දීය ගායක ගායිකාවන් පිරිසක් ඊයේ (30) මෙරටට පැමිණ තිබිණි.

මෙම සංගීත ප්‍රසංගය අද (01) රාත්‍රි 07.00 සිට මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතය. 

එහි ගීත ගායනා කිරීම සඳහා විජේ බාලක්‍රිශ්ණන්, රම්‍යා නාගර්කෝවිල්, ඩැනියෙල් ජෙයරාම් සහ රෙෂ්මා සුන්දරම් ආදි ගායන ශිල්පීන් පැමිණ ඇත.

ඊට අමතරව ඉන්දීය සංගීත ශිල්පීන් වන ධර්මර් සත්‍ය ප්‍රකාශ් සහ නුරානි වර්ෂා ද මෙම ප්‍රසංගයේ ගීත ගායනා කිරීම සඳහා අද (01) මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

ශේන් සිං ප්‍රමුඛ ‘ලයින්වන්’ සංගීත කණ්ඩායම ඊට සංගීතය සපයන අතර අදාළ ප්‍රසංගය නොමිලේ පැවැත්වේ.

Continue Reading

කලා

ජගත් මනුවර්ණට වෙඩි වැදිලා!

Published

on

By

රූගත කිරීමක් අතරතුරදී සිදුවූ වෙඩි තැබීමේ දර්ශනයකදී රංගන ශිල්පී ජගත් මනුවර්ණ අනතුරකට ලක්ව ඇතැයි වාර්තා වේ.

කෙසේවුවද, ඔහුට සිදුව ඇත්තේ සුළු තුවාලයක් පමණක් බව වාර්තා වේ.

ක්‍රියාදාම දර්ශන රැසක් රැගත්, චමින්ද ජයසූරියගේ ‘ෆාදර්’ සිනමාපටයේ රූගතකිරීම් අතුරතුර දී ඔහු මෙම අනතුරට පත්ව ඇත.

අනතුර සිදුවූ ඊයේ (28) දින රාත්‍රීයේ ම ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ පිටත් කර එවා තිබේ.

වෙඩි පිපිරවීම් සිදු කළ ශිල්පියාගේ අත්වැරදීමකින් මෙම අනතුර සිදුව ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved