ජනප්‍රිය ඉන්දීය ගායන ශිල්පී සෝනු නිගම් හට ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ඊයේ (20) පස්වරුවේ චෙම්බූර් හි පැවති සංගීත උත්සවයකදී දේශපාලනඥයෙකුගේ පුතෙකු විසින් මෙලෙස පහරදී ඇතැයි පැවසේ.
මෙහිදී දේශපාලඥයෙකු ගේ පුතෙකු විසින් සෝනු සමග සෙල්ෆි ඡායාරූපයක් ලබාගැනීමට බල කර ඇති අතර, සෝනුගේ කණ්ඩායම විසින් ඔහුව හඳුනාගෙන නැත. මේ සමග සෝනු හා ඔහුගේ කණ්ඩායම වේදිකාවෙන් බැස යන අතරදී ඔහුට හා ඔහුගේ කණ්ඩායමට පහර දී ඇත.
චෙම්බුර් පොලිසිය විසින් මෙම සිද්ධිය සනාථ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.