ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකවරයකු, පුවත්පත් කලාවේදියකු සහ ප්රවෘත්ති අධ්‍යක්ෂවරයෙකු වූ ප්‍රවීණ මාධ්‍යවේදී ආචාර්ය බුද්ධි කීර්තිසේන මහතා අද (17) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.
ඒ මහතා ජාතික ශිල්ප සභාවේ හිටපු සභාපතිවරයා ලෙසද සිනෙසිටි සිනමා අධිපති මෙන්ම ‘බුද්ධි බතික්ස්’ (Buddhi Batiks) ව්‍යාපාරයේ සම නිර්මාතෘවරයාද වේ.
මියයන විට ඒ මහතා 83 වැනි වියේ පසුවිය.
බුද්ධි කීර්තිසේන මහතාගේ දේහය හෙට(18) උදෑසන සිට අනිද්දා(19) පෙරවරු 9.00 දක්වා අංක 158/3, ලේක් ඩ්‍රයිව්, කොළඹ 08 දරණ ඔහුගේ නිවසේ තැන්පත් කරන අතර අනිද්දා(19) පස්වරු 12.00 සිට දේහය කොස්වාඩියේ Buddhi Batiks හි නිවසේ මහජන ගෞරවය සදහා තැන්පත් කෙරේ.
අවසන් කටයුතු ලබන 21 වැනිදා පස්වරු 4.00ට කොස්වාඩිය සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය.