දරුණු බැක්ටීරියා ආසාදනයක් හේතුවෙන් සුපිරි පොප් ගායිකා මැඩෝනා රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
64 හැවිරිදි ඇය දින කිමිපයක් පුරාවට ඇමෙරිකාවේ නිව් යෝක් හි රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඇගේ පසුගිය සෙනසුරාදා දින වැළඳී තිබූ ආසාදන තත්වය බරපතල බවත් මැඩෝනාගේ කළමනාකරු පවසයි.
කෙසේවෙතත්, ඇය මේ වන විට විට සුවය ලබමින් සිටින බවත්, ඉදිරියේදී සම්පූර්ණ සුවය ලබනු ඇති බවත් අපේක්ෂා කෙරේ.
මේ සමග ලබන මාසයේදී ආරම්භ වීමට නියමිතව පැවති ‘සෙලිබ්‍රේෂන්’ ලෙස නම් කර තිබූ මැඩෝනා ගේ දැවැන්ත සංගීත ප්‍රසංග මාලාව කල් දැමීමටද කටයුතු කර තිබේ.