කලා

මෙරට නළුවන් 7කට හොඳම නළුවාගේ සම්මානය

Published

on

වියට්නාමයේ ‍හැනෝයි ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී මාරියා චිත්‍රපටය සඳහා හොඳම නළුවාට හිමි සම්මානය ශ්‍රී ලාංකික රංගන ශිල්පීන් 07 දෙනෙකුට හිමිව තිබේ.

ඒ, අරුණ ජයවර්ධන විසින් අධ්‍යක්ෂණය කළ මාරියා චිත්‍රපටය වෙනුවෙනි.

ඒ අනුව හේමාල් රණසිංහ, මහේන්ද්‍ර පෙරේරා, අශාන් ඩයස්, දර්ශන් ධර්මරාජ්, දසුන් පතිරණ, ප්‍රියන්ත සිරිකුමාර සහ සුරන් දිසානායක යන ශිල්පීන් මෙම සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

වියට්නාමයේ හැනෝයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙල සඳහා මෙවර රටවල් 50ක් නියෝජනය කරමින් චිත්‍රපට 123ක් ඉදිරිපත් කර තිබුණු බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Trending

Exit mobile version