කලා

හිරු හා රේනෝ මහේෂි මධුශංකාගෙන් රුපියල් බිලියන 20ක් ඉල්ලා එන්තරවාසියක් යවයි

Published

on

හිරු TV ආයතනයට සහ එහි සභාපති රේනෝ සිල්වා මහතාට අපහාස වන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් මහේෂි මදුශංකා නමැති රංගන ශිල්පිනියට එරෙහිව සුදත් පෙරේරා ඇසෝසියේට් නීතිඥ සමාගම විසින් එන්තරවාසියක් බාරදීමට කටයුතු කර තිබේ.

හිරු TV ආයතනයේ වැඩසටහනක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා පළ කළ වීඩියෝවක් මූලික කරගනිමින් ඇය විසින් මෙම අපහාසත්මක ප්‍රකාශය සිදු කර ඇති බව වාර්තා වේ.

අදාළ එන්තරවාසිය හිරු TV හි කීර්ති නාමයට සිදුව ඇති හානිය වෙනුවෙන් රුපියල් බිලියන 10ක් සහ රේන සිල්වා මහතාගේ කීර්ති නාමයට සිදුව ඇති අපහාසය වෙනුවෙන් රුපියල් බිලියන 10ක වන්දි මුදලක් ඉල්ලමින් යොමුකර ඇත.

හිරු මාධ්‍ය ජාලයේ සමාජ මාධ්‍ය ගිණුම් තුළ පළ වූ වීඩියෝවක් හරහා තරුණයෙකු අපහසුතාවට පත් වූ බවට මහේෂි මධුසංකා ප්‍රකාශයක් කර තිබිණි.

එමෙන්ම ඒ හේතුවෙන් ඔහු සිය දිවි නසාගැනීමට පවා හැකි බව පවසමින් මහේෂි මදුශංකා විසින් පළ කළ සමාජ මාධ්‍ය සටහන්වලට විශාල ප්‍රතිචාරක් ලැබී තිබිණි.

එම විරෝධයන්ට ප්‍රතිචාර ලෙස ඇය හිරු මාධ්‍ය ජාලයේ සභාපතිවරයාගේ පුද්ගලික ජීවිතයට අදාළ කරුණු පිළිබඳව දක්වමින් ඇය දිගින් දිගටම විවිධ ප්‍රචාර සිදුකර තිබ්ණි.

කෙසේවෙතත්, එම සිදුවීමට පාදක වූ තරුණයා පසුව සිය පුද්ගලික ෆේස්බුක් ගිණුමේ සජීව වීඩියෝවක් ද පලකරන ලදී.

එහිදී ඔහු පැවසුවේ තමන් සියදිවි හානිකර ගැනීමට තරම් ළාමක මානසිකත්වයක් ඇති පුද්ගලයෙකු නොවන බවයි.

එමෙන්ම අදාළ නාලිකාවට තමන් දෝෂාරෝපණය නොකළ බවත් ඔහු කියා සිටියේය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ මේ පිළිබඳව කිසිවෙකුගේ මැදිහත්වීමක් අපේක්ෂා නොකරන බවයි.

Trending

Exit mobile version