කලා

Jailer ට විශේෂ අධිකරණ නියෝගයක්

Published

on

ඉන්දීය සිනමාවේ ආදායම් වාර්තා බිඳදැමු Jailer සිනමාපටයට එරෙහිව විශේෂ අධිකරණ නියෝගයක් ලබා දී ඇත.

එයට හේතුව නම් IPL ක්‍රිකට් කණ්ඩායමක් වන රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ජර්සියකින් සැරසී සිටින මිනීමරුවෙකු සිටින රූපරාමුවක් මෙම චිත්‍රපටයට ඇතුළත් වී තිබීමයි.

මේ සම්බන්ධයෙන් නඩුවක් ගොනු කරමින් එම කණ්ඩායමේ නීතිඥයන් පවසා තිබුණේ මෙම ජර්සිය භාවිතා කිරීමට Jailer නිෂ්පාදන කණ්ඩායමට අවසර නොතිබුණු බවත්, මෙම රූපරාමුව හේතුවෙන් සිය සන්නාම නාමයට බලපෑමක් ඇති විය හැකි බවයි.

දෙපාර්ශවයේම නීතිඥයන් අධිකරණයට පවසා තිබුණේ මෙම නඩුව අධිකරණයට පිටතදී මෙම  ප්‍රශ්ණය නිරාකරණය කරගැනීමට කැමැත්ත පළ කරන බවයි.

සැප්තැම්බර් 01දා වන විට ඉහත රූපරාමුව ඩිජිටල් ලෙස වෙනස් කරන බවට Jailer නිෂ්පාදනය කළ Sun Pictures සමාගම පොරොන්දු වී තිබුණි. තවද, මෙම වෙනස් කරන ලද දර්ශනය සහිත චිත්‍රපටය රූපවාහිනී සහ OTT වේදිකාවල විකාශය කරන බවටද ඔවුන් සහතික වී ඇත.

දකුණු ඉන්දීය සිනමාවේ සුපිරු තරුව රජිනිකාන්ත් ප්‍රධාන රංගනයෙන් දායකත්වය ලබා දෙන Jailer චිත්‍රපටය, මේ වන විට එරට ආදායම් වාර්තා බිඳදමමින් අතිසාර්ථක ලෙස ප්‍රදර්ශනය වේ.

Trending

Exit mobile version