අගෝස්තු 01 වැනිදා සිට මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනය කරන රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැටලිමේ මෙහෙයුම් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසා සිටී.
පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත තුළ පසුගියදා නියමු ව්‍යාපෘතියක් දියත් කල අතර එහිදී මත්ද්‍රව්‍ය පානය කර රිය පැදවූ 41 දෙනෙකු හඳුනා ගැනීමට විමර්ශන නිලධාරීන් සමත්වී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ ඔවුන් අතරින් 19 දෙනෙකුම බස් රථ රියැදුරන් බවයි.
දිනෙන් දින ඉහළ යන රිය අනතුරුවලට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ මත්පැන් පානය කර රිය පැදවීම බවත් මත්ද්‍රව්‍ය පානය කර රිය පදවන්නන් හඳුනා ගැනීම වෙනුවෙන් වූ පරීක්ෂණ කට්ටලද මේ වන විට දිවයිනට ගෙන්වා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි .