පුවත්

අඩුපාඩු පෙන්නලා දෙන්න විපක්ෂයක් ඕන

Published

on

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ මේ වන විට ශ්‍රී ලංකාව තුන්වෙනි සමාලෝචනය අභියස සිටින අතර කඩිනමින් එම කටයුතු සිදුකරගන්නා ලෙස හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

2025 පළමු කාර්තුව තුළ හතරවෙනි වාරිකයට ලබා ගැනීමට නම් එම සමාලෝචනය සාර්ථක කරගැනීම අවශ්‍ය බව ඔහු සඳහන් කරයි.

‘අලුත් ජනාධිපතිවරයෙකුට ජන වරමක් දීලා තියෙනවා. ඒකෙදි අපි විශ්වාස කරනවා වගකීමෙන් ජනාධිපතිතුමා සහ රජය ඒ වගකීම ඉටුකරයි කියල. අපි දැක්කා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ජනාධිපතිතුමා මුණ ගැහෙනවා. අපි තුන්වෙනි සමාලෝචනය අභියස ඉන්නේ. තුන්වෙනි සමාලෝචනය තමයි හතරවෙනි වාරිකය වෙනුවෙන් ඒ කියන්නේ ඩොලර් මිලියන 300 හෝ 330 ක් 2025 පළමු කාර්තුව තුළ ලබා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මම හිතන්නේ කරුණාකරලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කඩිනමින් තුන්වෙනි සමාලෝචනය සඳහා දින නියම කරගන්න. කඩිනමින් එය අවසන් කරන්න කටයුතු කරන්න. ආණ්ඩුවක් හැටියට ජනාධිපතිතුමා ප්‍රමුඛ කණ්ඩායම ආණ්ඩුව මෙහෙයවද්දී අඩුපාඩු පෙන්වල දෙන්න විපක්ෂයකුත් අවශ්‍යයි. විපක්ෂයේ හැමකෙනාම එකට ඇවිල්ලා තරඟ කළා නම් හොඳයි. නමුත් ඒ තත්ත්වය මෙතනදී දැකගන පුළුවන් වෙනේ නැහැ. විපක්ෂයක අවශ්‍යතාව රටට තියෙනවා.”

Trending

Exit mobile version