පුවත්

අදත් වැස්ස

Published

on

අද (02) දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ වැඩිවිමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැමි ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තරමක් තදවැසි ඇති විය හැකි බවද කාලගුණ අනාවැකියේ දැක්වේ.

බස්නාහිර,සබරගමුව,දකුණ,මධ්‍යම සහ වයඹ පළාත්වලත් විටින් විට වැසි ඇති වේ.

තවද නැගෙනහිර සහ ඌව පළාත්වලත් වවුනියා සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදී  තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

එසේම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වල විටින් විට තද සුළං ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Trending

Exit mobile version