ගුරුවරුන් සහ විදුහල්පතිවරු අද (22) දිනයේ සිට සති දෙකක කාලයක් අකුරට වැඩ කිරිමේ තීරණයකට එළබ තිබේ.
ගුරු වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් රජය විසින් මේ වන විටත් නිසි විසදුමක් ලබා නොදීම හේතුවෙන් ඔවුන් විසින් මෙම අකුර ට වැඩ කිරිමේ ක්‍රියාමාර්ගයේ යෙදෙන බව පැවසෙයි.
මෙම ගැටලුව සම්බන්ධයෙන් ගුරු-විදුහල්පතිවරු විසින් සාර්ථක වැඩ වර්ජනයක්ද පසුගියදා ක්‍රියාත්මක කරන ලදී.
ඔවුන්ගේ මෙම වැටුප් විෂමතාව ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පසුගිය සිකුරාදා (19) පැවති සාකච්ඡා ද අසාර්ථක බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කලේය.